සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් පන්දහසක් අලි-මිනිස් ගැටුම සමනය සඳහා යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැසීය.
මේ වනවිටත් එම නිලධාරීන් 3975ක් වනජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර ඇතැයිද කී ඇමැතිවරයා තවත් දසදහසක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු වෙනුවෙන් යෙදවීමටත් ඒ සඳහා ඔවුන්ට විශේෂ දීමනාවක් ලබාදීමටත් තීරණය කර ඇතැයි ද සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි රොෂාන් අක්මීමන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ අතර නිලධාරීන් 31421 දෙනකුගෙන් යුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිට මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
-නිලන්ත මදුරාවල



