gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

කලාඔයේ සිර වී සිටි 40ක් බේරා ගැනෙති

රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 40 දෙනකු  මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. බේරා ගත් පිරිස ප්‍රතිකාර සඳහා ආරක්ෂක ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර අනෙක් පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම ප්‍රදේශයේ ඊයේ පැවති අධික ගංවතුර තත්ත්වය සහ අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නාවික හමුදා නිලධාරීන්ට එම ස්ථානයට ළඟා වීමට අපහසු වී තිබූණි.

කෙසේ වෙතත් ඉතා කඩිනමින් අනෙක් පිරිස මුදවා ගැනීමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් රාජාංගනය කලා ඔය ප්‍රදේශයේ බස් රථයක මගීන් පිරිසක් සිර වී සිටින බවට ලද තොරතුරු මත ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔවුන් පිරිස බස් රථයෙන් මුදවා ඒ ආසන්නයේ පිහිටි නිවසක කොන්ක්‍රීට් වහලය මත ආරක්ෂිතව රඳවා තිබුණි.

මෙම මෙහෙයුම නිරීක්ෂණය කිරීම සදහා ජනාධිපතිවරයාද අද අලුයම් කාලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණියේය. 

(ගයාන් සූරිය ආරච්චි)
ඡායාරූප - ප්‍රියන්ත කුමාර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka