gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වතුර බෝතලයට රුපි­යල් 20ක් වැඩියෙන් ගත් කොළඹ ප්‍රසිද්ධ බේක­රි­යකට ලක්ෂ හයක දඩයක්!

බීම වර්ග පිළි­බඳ ප්‍රකට සන්නා­ම­යක් දරන ආය­ත­න­යක මිලි­ලී­ටර් 500ක පානීය ජල බෝත­ල­යක් එහි පාලන මිල වන රුපි­යල් 70ක මිල ඉක්මවා රුපි­යල් 90ක මිල­කට අලෙවි කිරීමේ වර­දට කොළඹ ප්‍රසිද්ධ බේක­රි­ය­කට රුපි­යල් ලක්ෂ හයක දඩ මුද­ලක් නියම කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒක­කය පව­සයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහ­තාගේ නියෝග පරිදි 2025/04/24 වැනි දින පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ නාරා­හේ­න්පිට දිස්ත්‍රික් කාර්යා­ලයේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් මේ වැට­ලීම සිදු­ක­රන ලද අතර එහිදී පානීය ජල බෝතල් රුපි­යල් 90ක මිල­කට අලෙවි කරන ලද බව අනා­ව­ර­ණය කර ගන්නා ලදි. මේ සඳහා 2025 අගෝස්තු මස 28 වැනි දින අංක පහ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු­ක­රනු ලැබූ බව කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒක­කය සඳ­හන් ක‍ළේය. එදින මෙහි විත්ති­කරු වන අදාළ පෞද්ග­ලික සමා­ගම වරද පිළි­නො­ගත් බැවින් ඊයේ(09)දිනට නඩුව කල් තැබිණි.

ඊයේ (09) විවෘත අධි­ක­ර­ණයේ නඩුව කැඳවූ අව­ස්ථාවේ පානීය ජල බෝතල් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ බව අදාළ සමා­ගම විසින් වරද පිළි­ගන්නා ලදි. මේ වරද සඳහා 2021 අංක 20 පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය (සංශෝ­ධිත) පනත අනුව අව­මය ලක්ෂ පහේ සිට උප­රි­මය ලක්ෂ පන­හක් දක්වා දඩ නියම කළ හැකි බව පාරි­භෝ­ගික අධි­කා­රිය වෙනු­වෙන් කරුණු දක්වා සිටි විම­ර්ශන නිල­ධාරී අධි­ක­ර­ණය හමුවේ දන්වා සිටි­යේය.

එම කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඉහත වර­දට රුපි­යල් ලක්ෂ හයක දඩ මුද­ලක් නියම කරනු ලැබූ අතර එම සම්පූර්ණ දඩ මුදල ඊයේ දින­යේම ගෙවා නිම කරන බව අදාළ සමා­ගම අධි­ක­ර­ණය හමුවේ දන්වා සිටි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාධ්‍ය ඒක­කය සඳ­හන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka