gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සිරගෙට ගෙනියන්න සපත්තුවලට දුරකතන සහ දුම්කොළ දමා මසද්දී අලුත් Technologia මාට්ටු

කෑගල්ල  බන්ධනාගාරයේ රැදවියකුට  දීමේ අරමුණින් මාවනැල්ලේ  පාවහන් වෙළදසලකදී පාවහන් යුගළයක් තුළට ජංගම දුරකතන දෙකක් දුම්කොළ දමා මසද්දී  සැකකරුවන් දෙදෙනකු  ජංගම දුරකතන දෙකක් දුම්කොළ සමග අද සවස අත් අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අරණායක අරම උඩගම්මැද්ද පදිංචි 33 හැවිරිදි කාන්තාවක හා මාවනැල්ල දනාගම පදිංචි 53 හැවිරිදි සපත්තු මසන්නකු බව පොලිසිය පැවසීය.

අයිස්  මත්ද්‍රව්‍ය ජාවාරමකට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තබා ඇති සැකකරුවකුට  දීම සඳහා ඔහුගේ උපදෙස් මත දුරකතන දෙකක් හා දුම්කොළ ග්‍රෑම් 42 ක්  පාවහන් යුගළයක් ඇතුළතට දමා මාවනැල්ලේ පාවහන් අලෙවි සලක  මසමින් සිටින බවට ලැබුණු තොරතරුකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)
-lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka