gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පියුමිගේ ‘ලෝලියා’ ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි!

ජනප්‍රිය නිරූපිකා පියුමි හංසමාලිගේ හිමිකාරිත්වයෙන් යුතු Loliya Skin Company විසින් දිවයින පුරා බෙදාහරින රූපලාවණ්‍ය ආලේපනවල තත්ත්ව ප්‍රමිතීන් පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයට අයත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම ආලේපන අවශ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වේ දැයි තීරණය කිරීම සඳහා, පියුමි හංසමාලි විසින් අලෙවි කරන ආලේපන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, පියුමි හංසමාලි විසින් දේශපාලනඥයන් සහ වෙනත් බලගතු පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර කෙටි කාලයක් තුළ මිලියන ගණනක නීති විරෝධී වත්කම් රැස් කර ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් පදනම් කරගෙනය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka