gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇමති වසන්ත සීතල හිම රටේ..

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඔක්තෝබර් 15 වන දින ආරම්භ විය. මෙම සැසිවාරය ඔක්තෝබර් 17 දින දක්වා පැවැත්වෙන අතර වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබිණි.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් කරයි. එමෙන්ම මෙම ප්‍රතිපත්ති සමාලෝචනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නව රජය පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ද වේ.

සැසිවාර දෙකක් යටතේ පැවැත්වෙන ප්‍රතිපත්ති සමාලෝචනය ආරම්භ කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සමාලෝචනයට ලක්වන රට විසින් සිදුකරන ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය ඇතුළුව මෑත වසරවලදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ අභියෝග අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉස්මතු කරන ලද අතර ජනතාව විඳ දරාගත් දුෂ්කරතා මධ්‍යයේ, 2024 නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව නව රජයේ පාලනය යටතේ දියත් කරන ලද, රට නැවත ගොඩ නැගීමේ උපාය මාර්ග පිළිබඳව ද ලෝක වෙළෙඳ සංවිධානයේ සාමජිකයින් දැනුවත් කරන ලදි.

ඒ අනුව IMF සහාය ඇතිව සාර්ව ආර්ථික ස්ථායීකරණය, රාජ්‍ය වියදම් කළමනාකරණය, ණය තිරසරු භාවයේ නව්‍ය උත්සහයන්, වෙළෙඳ පරිපාලනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ තුළින් ලබා ගත් සාර්තකත්වය පිළිබඳව ද මෙහිදී පෙන්වා දෙන ලදි.

වෙළෙඳාම සහ ආයෝජන ශ්‍රී ලංකාවේ දිගුකාලීන පරිවර්තනයේ කේන්ද්‍රය බව අවධාරණය කළ අමාත්‍යවරයා “කුඩා ආනයන මත යැපෙන ආර්ථිකයක සිට ස්මාර්ට්, අපනයන නැඹුරු ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට අපට අවශ්‍යයි.” මේ සඳහා, රජය ජාතික තීරුබදු ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරමින්, ඩිජිටල්කරණය හරහා ශ්‍රී ලංකා රේගු කටයුතු නව්‍යකරණය කරමින්, ජාතික පොදු ප්‍රවේශයක් හඳුන්වා දෙමින් සහ නව ආයෝජන ප්‍රවර්ධන නීති සංවර්ධනය කරමින් සිටින බවද සඳහන් කරන ලදි.

APTA සහ SAFTA වැනි ගිවිසුම් හරහා නව වෙළෙඳ අවස්ථා ගවේෂණය කිරීමත් සිංගප්පූරුව, ඉන්දියාව, පකිස්ථානය සමඟ පවතින කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්දයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බවටත් තහවුරු කරන ලදි.

ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති වල ධනාත්මක වර්ධනයන්, ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් වෙළෙඳ හවුල්කරුවන්, කලාපීය හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන චීනය, ජපානය, සිංගප්පූරුව, නවසීලන්තය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 20කට අධික සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති ඉතා ප්‍රශංසනාත්මකව මෙහිදී අගය කිරීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව WTO හි නීති සහ රෙගුලාසි සමඟ ඇති එකගතාව පිළිබඳව සහතික වූ අතර, ලෝක වෙළෙඳ සංවිධානය (WTO), එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය කවුන්සිලය (UNCTAD), ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය (ITC), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව ඇතුළු හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කෘතඥතාවය පළ කරන ලදි. ලෝක වෙළෙඳ සංවිධානයෙහි (WTO) ගිවිසුම්වල අනුකූලතාව, විනිවිදභාවය සහ ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට රටක් ලෙස ශ්‍රී ලංකා රජයේ ඇති සූදානම ද අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනයන් හි නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ඒ අනුව වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙ හි දෙවන සැසිවාරය 2025 ඔක්තෝබර් 17 වන දින පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව WTO සාමාජිකයින්ගේ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.

මීට අමතරව වෙළෙඳ අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ලෝක ආර්ථික කවුන්සිලයේ ප්‍රධානීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා සමගින් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka