gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ICC ශ්‍රේණිගත කිරීමෙන් පැතුම් ඉදිරියට!

ICCය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 7වන ස්ථානයේ සිට ස්ථාන 2කින් මෙලෙස ඉදිරියට පැමිණ සිටියි.

එමෙන්ම එම තරගයේ දී සටන්කාමී අර්ධ ශතකයක් රැස්කළ කුසල් ජනිත්ද 11වන ස්ථානයේ සිට 9වන ස්ථානයට ඉදිරියට පැමිණ ඇත.

විස්සයි20 පිතිකරුවන් අතර පෙරමුණ ඉන්දියාවේ අභිෂේක් ශර්මාට හිමිව ඇත.

මේ අතර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර අංක එකට පත්ව සිටි ඉන්දියාවේ හර්දික් පාන්ඩ්‍ය අභිබවා පෙරමුණ අත්පත් කරගැනීමට පාකිස්තානයේ සයිම් අයුබ් සමත්ව තිබේ.

ඔහු ජාත්‍යන්තර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණ පළමු අවස්ථාව මෙය වේ.

අයුබ්ගේ පැමිණීමත් සමග පාන්ඩ්‍ය දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගද මෙම කාණ්ඩයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 6වන ස්ථානයට පැමිණ සිටියි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka