gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රියදුරුට නින්ද ගොස් නාරම්මලදී එකම පවුලේ තිදෙනෙකුගේ දිවි අහිමිව ගිය හැටි

නාරම්මල ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොළොන්නරුවේ සිට ජාඇළ බලා ගමන් කරමින් තිබූ ලොරි රථය, කොළඹ සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී මෙම අනතුර ඊයේ (5) අලුයම 2.30ට පමණ සිදුව ඇතැයි නාරම්මල පොලිසිය වාර්තා කරයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථය පැදවූ දෙලංකගේ නලින්ද රෝහිත සහ ඔහුගේ නැන්දම්මා වූ 80 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ දයාවතී සහ 82 හැවිරිදි මාමණ්ඩිය වූ හේවාගමගේ පියදාස යන අයයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් සමඟ ලොරි රථයේ ගමන් ගත් තවත් කාන්තාවක් සහ දරු දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ සිට පැමිණි බස් රථය, නාරම්මල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් මගීන් බස්සවා යළි අක්කරෙයිපත්තුව බලා පිටත් වූ මොහොතේදී මෙම ලොරි රථය එහි ඉදිරිපස ගැටී ඇත. ලොරි රථයේ රියැදුරුට නින්ද යෑම මෙම අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් කළ මගීන්ට කිසිදු හානියක් සිදුවී නොමැත. නාරම්මල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ගුණතිලක මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ පොලිස් සැරයන් (31176) මඩවල මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka