gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සමරිසි සහ බීච් බෝයිස්ලා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව හුරුව ඇති බව පරීක්ෂණයකිින් හෙළිවෙලා

සමරිසි පුද්ගලයන් සහ බීච් බෝයිස් යන කණ්ඩායම් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුකළ සමීක්ෂණයකදි මේ බව අනාවරණය වී ඇති අතර ඒ සඳහා පුද්ගලයන් තිස්හය දෙනකු (36) යොදාගෙන ඇත. 

මෙහිදී සමරිසි පුද්ගලයන් සියලු දෙනාම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති අතර ලිංගික දිශානතිය වෙනස්වීම මත තරුණ අවධියේදි එම පුද්ගලයන් සමාජ අපකීර්තියට පත්වීම නිසා එසේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති බව හඳුනාගෙන තිබේ. 

මොවුන් සියලු දෙනාම බහුවිධ මත්ද්‍රව්‍යයට හුරුවී ඇති අය බවද හඳුනාගෙන ඇත.

ඒ අනුව දුම්වැටි, මත්පැන්, ගංජා, කොකේන්, මෙතැම්පිටමින් මෙම පුද්ගලයන් භාවිත කරන බවට තොරුතුරු ලැබී ඇති බව පැවසේ.

මේ අතර බීච් බෝයිස් යනුවෙන් හඳුන්වා ගන්නා කණ්ඩායම් වෙරළාශ්‍රිතව පවත්වන සියලු උත්සව හා ක්‍රියාකාරකම්වලදී මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇත. 


ඔවුන් ලිංගික කාර්යයන් සිදු කිරීමේදී ආරක්ෂක ක්‍රමවේද භාවිත නොකරන බවත්, මෙම තත්ත්වය මත එච්අයිවී ඒඩ්ස් ව්‍යාපත් වීමේ අවදානමක් ඇති බවටද මෙම සමීක්ෂණයේදී හඳුනාගෙන තිබේ. 

එච්අයිවී ඒඩ්ස් ඇති පුද්ගලයන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම හා අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවන බවත් ඔවුන් වාණිජ ලිංගික වෘත්තිකයන් ලෙස කටයුතු කිරීම, සමලිංගික සම්බන්ධතා පැවැත්වීම, කණ්ඩායම් ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේදී අවදානම් සහගත ලෙස කටයුතු කරමින් සිටින බවද මෙහිදී අනාවරණය වී ඇත.

මූලාශ්‍රය – අරුණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka