gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ලොකු පැටීගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට!

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ නැමැත්තාගේ මුදල් කළමනාකරණ කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපුවෙකු ඊයේ (16) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන් කුමාර ද සිල්වා, හෙවත් “ලොකු පැටී” ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසු පසුගිය මැයි මස 04 දින ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

ලොකු පැටීගේ සමීපතමයෙකු බව පැවසෙන මෙම කපුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගිනි.

දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවය.

ඔහු විසින් ලොකු පැටීගේ කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka