gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොල්ගෙඩි දෙකට ඝාතනයක් කළ විත්තිකරුට මරණ දඬුවම

පොල් ගෙඩි දෙකක් හොරෙන් ගත්තේ යැයි පොල් ලෙළි ගසන යකඩයෙන් ගසා පුද්ගලයකු ජීවිතක්ෂයට පත් කිරීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩනය නියම  කළේය.

2001 වර්ෂයේ ඔක්තෝබර් 30 දින නියදගල වෙල්යායකදී පුද්ගලයකුට පොල්ලෙලි ගසන යකඩයකින් පහරදී මරණයට පත් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අධි චෝදනා නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නඩුවේ පළමු චූදිත වන රන්ජිත් ධර්මසේනට මෙම මරණ දඬුවම නියම කළ අතර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා නියම කරන දිනකදී වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා තැබිය යුතු බවට තීන්දු කළේය.

චූදිතයාට එරෙහි චෝදනා පැමිණිල්ල මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට සඳහන් කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

හදිසි කෝපයකට පත් වීමක් හෝ අස්වාභාවික තත්ත්වයකදී මෙම මරණය සිදු කර නොමැති බවට ද මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.
-(රෝෂන් තුෂාර)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka