gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව ලබන මස 15 කැදවන්න තීන්දු කරයි

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 15 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඊයේ (22) නියම කළේය.

2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතූවෙන් මුදල් විශූද්ධීකරණය කිරීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

අදාළ දේපළ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් නඩුවට අදාළ තවත් ලේඛණ කිහිපයක් තමන්ට දෙන බව පැමිණීල්ල විසින් දැනුම්දී ඇතැයි පැවසීය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්ති පාර්ශවයට දියයුතු ලේඛන ඇත්නම් ඒවා දීමට කටයුතු කරන ලෙස පැමිණීලි පාර්ශවයට නියම කළ විනිසුරුවරයා නඩුව ඔක්තෝබර් 15 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව ජුලි 11 වැනිදදා යළි කැදවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka