පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“ජනාධිපතිවරයා පත් වෙලා අවුරුද්දක් පිරෙනකොට ඒක ජනතාවට දැනෙන විදිහ පිළිබඳව, විශේෂයෙන් භාණ්ඩ හා සේවා මිල සම්බන්ධයෙන් ජනතාවට දැනෙන දේ අහන එක තමයි වඩා හොද.
දැන් කාටත් දැනෙනවා, පොදුවේ තමන් මත එල්ලලා තිබුණු අධික පීඩනය, බඩු මිල සම්බන්ධයෙන් අඩුවෙලා තියෙනවා කියලා. යම් හුස්මක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.
දැන් උදාහරණයක් හැටියට දැන් තෙල් මිල සම්බන්ධයෙන් ගත්විට, 2024 වසරේ අගෝස්තු (31) සිට 2025 වසරේ අගෝස්තු (31) අතරදී ගතවු වසර තුලදී,
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 33කින් අඩු වෙලා තියෙනවා.
ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 36කින් අඩු වෙලා තියෙනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු වෙලා තියෙනවා.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 39කින් අඩු වෙලා තියෙනවා.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 17කින් අඩු වෙලා තියෙනවා.
අපෙන් ඇහුවනේ කෝ දැන් අඩු කරාද කියලා. සමස්තයක් හැටියට ගත්තට පස්සේ සමහර මාස වල රුපියල, දෙක, පහ, හය සමහර මාසවල වැඩි නොකර ඉදලා සමස්තයක් හැටියට ගතවු අවුරුද්දේදී මේ සියලුම ඉන්ධන වර්ගවල රුපියල් 17 සිට 39 දක්වා අඩු කරලා තියෙනවා.
අපි තව දෙන්න පුළුවන් සහන උපරිම ලබාදෙම්න් යනවා. හැබැයි මේක අපි මතම තීන්දු වන එකක් නොවේ. ලෝක වෙළදපොලේ තෙල් මිල උච්චාවචනය වීම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තියෙන ණය බර, ඒ සියල්ල කලමණාකරනය කර ගනිමින් තමයි ක්‍රමානුකූලව මේ කටයුතු සිදු කරන්නේ.”