මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම අගවිනිසුරුවරයා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු විය.
මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් කාඩ්පත් මගින් හා මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා අන්තර්ජාලය මගින් ගෙවීම් සිදුකිරිමට මහජනතාවට පහසුකම් සැලසේ.
නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුව අද සිට ලබා දී ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික විනිසුරුවරුන් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නිතිඥ, රජිව් අමරසුරිය මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සහ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සහභාගිත්වයෙන් අනිද්දා (සැප්. 12දා) ප.ව. 1.00ට අලුත්කඩේ විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය වීම මගින් අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම හා අධිකරණයට පැමිණෙන මහජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීමට හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.