ඒ අනුව, 'Enteromix' ලෙස නම් කර ඇති මෙම එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති අතර, එයින් 100%ක සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
රුසියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ විකිරණශීලී මධ්‍යස්ථානය සහ එංගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනය විසින් වසර ගණනාවක් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සකස් කර ඇති අතර, mRNA එන්නතක් වන මෙම එන්නත මඟින් පිළිකා සෛල හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට ප්‍රතිශක්තිකරණය නිපදවිය හැකි බව සඳහන්.
ඒ අනුව, එම එන්නත අවසන් අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.