gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සම සුදු කරන්න ආලේපන හදන්න සැලුන්වලට බෑ – පනත පාර්ලිමේන්තුවට!

සම සුදු කරන බව සඳ­හන් කර­මින් අලෙවි කරන ආලේ­පන වර්ග ඇතුළු ප්‍රමි­ති­යෙන් තොර රූප­ලා­වණ්‍ය ද්‍රව්‍ය සම්බ­න්ධ­යෙන් නීතිය බලා­ත්මක කිරී­මට රූප­ලා­වණ්‍ය පනත් කෙටු­ම්පත මේ වසර අව­සන් වීමට පෙර පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ඉන්දිරා කහ­විට මහ­ත්මිය පැව­සු­වාය.

මෙම පනත් කෙටු­ම්පත පන­තක් බවට පත්වූ පසුව නීති විරෝධී ආලේ­පන වර්ග වෙ‍ෙළ­ඳ­පොළේ භාවි­තය තහ­නම් බවත් පසු­ගිය වසර තුනේදී ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය ඔස්සේ රූප­ලා­වණ්‍ය ආලේ­පන 9,000ක් පමණ ලියා­ප­දිංචි වී ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව වස­ර­කට රූප­ලා­වණ්‍ය ආලේ­පන වර්ග 3,000කට පමණ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රි­යෙන් ලියා­ප­දිං­චිය ලබාදී ඇති බව ද ඇය පැව­සු­වාය. සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඇය මේ බව ඊයේ (17) කියා සිටි­යාය.

දිය­වැ­ඩි­යාව සහ වකු­ගඩු රෝග සඳහා රස­දිය අඩංගු සම සුදු කරන ආලේ­පන හේතු වන බවත් දිගු කාලී­නව මෙම ආලේ­පන භාවි­ත­යෙන් පුද්ග­ල­යන්ට විවිධ රෝගා­බාධ ඇති විය හැකි බවත් ප්‍රකාශ කළාය. ගර්භිණී කාල­යේදී සම සුදු කරන ආලේ­පන වර්ග භාවි­ත­යෙන් ඉප­දෙන දරු­වාගේ ඉගෙ­නීමේ දුර්ව­ලතා, මත­කය සහ අව­දා­නය අඩු වීම, ක්‍රියා­කා­ර­කම් සහ ඇවි­දීම පරක්කු වීම, හැසි­රීමේ ගැටලු ඇති වීම යනා­දිය සිදු වන්නේ යැයි ද ඇය අව­ධා­ර­ණය කළාය.

සම යනු ශරී­රයේ තිබෙන විශා­ලම අව­ය­වය බවත් එම අව­ය­වයේ ආලේප කරන විෂ සහිත ආලේ­පන වර්ග නිසා රුධි­ර­යට විෂ වර්ග එක්ව පුද්ග­ල­යාගේ ශරී­රය ලෙඩ කරන බව ද පැව­සු­වාය. ශාක­සා­ර­ව­ලින් නිෂ්පා­දිත ආලේ­පන වර්ග ද ශරී­ර­යට අහි­ත­කර විය හැකි බවත් විවිධ වර්ගයේ ආලේ­පන භාවි­ත­යේදී පාරි­භෝ­ගි­කයා ප්‍රවේ­සම් විය යුතු බවත් ඒ මහ­ත්මිය පැව­සු­වාය.

කිසිදු ආකා­ර­ය­කින් සැලෝ­න්ව­ලට සම සුදු කරන ආලේ­පන වර්ග නිෂ්පා­ද­න­යට අව­ස­ර­යක් නොමැති බවත් එවැනි සැලෝ­න්ව­ලින් ලබා­දෙන ආලේ­පන වර්ග ප්‍රති­ක්ෂේප කිරීම පාරි­භෝ­ගි­ක­යාගේ වග­කී­මක් බවත් ඇය අව­ධා­ර­ණය කළාය.

විශේ­ෂ­යෙන්ම ළදරු ගැහැනු දරු­වන්ගේ සමෙහි පවු­ඩර් ආලේ­ප­න­යෙන් ඩිම්බ­කෝෂ පිළිකා ඇති වීමේ අව­දා­න­මක් පව­තින අතර කුඩා දරු­වන්ට පවු­ඩර්, කොලෝන් භාවි­තය සිදු නොකළ යුතු යැයි ද ඒ මහ­ත්මිය පැව­සු­වාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka