ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන දෙදෙනා ඊයේ (17) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
අනුර විදානගමගේ හෙවත් කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු දෙසැම්බර් (02) වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.



