gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැප් “මධුවා” මේ සැරේ පුපුරණ ද්‍රව්‍ය සමඟ මාට්ටු වෙයි!

මීට දින කීපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි ජනප්‍රිය රැප් ගායකයකු වන මාධව ප්‍රසාද් නොහොත් “මධුවා” පුපුරන ද්‍රව්‍යය තොගයක් සමග නැවතත් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකරු සමග ජෙලග් නයිට් කූරු3 ක් , ඩෙටනේටර් 5 හා ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3 ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකාර රැප් ගායකයා ඉකුත් අගෝස්තු මස 25 වෙනිදින කහතුඩුව ප්‍රදේශයේදී ව්‍යාජ පිස්තෝලයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබිණි.

සැකකාර රැප් ගායකයා පදිංචි තවත් නිවසක් වන පිටිපන ගලහේන ප්‍රදේශයේ නිවස පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වළදමා ඇති බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා විසින් තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ලබා දුන් බවට සැකකරු විසින් අනාවරණය කළ බව පොලිසිය කියයි.


හිටපු කොස්තාපල්වරයා මෙම පුපුරන ද්‍රව්‍ය කොටසක් තවත් රැප් ගායකුට ලබා දුන් බවට තොරතුරු ලැබී ඇතැයිද එම ගායකයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

26 හැවිරිදි සැකකරු පුපුරන ද්‍රව්‍ය තොගය සමග කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka