මතකද ඇයව, පුශ්පිකා ද සිල්වා..
නිරූපණ ශිල්පිනියක් ලෙස කාගේත් ආකර්ශනය දිනාගත් ඇය ගැන ආන්දෝලනාත්මක කතා බහක් ඇසෙන්නේ මීට වසර කිහිපයකට ඉහතදීයි.
මීට වසර තුනකට පෙරදී (2021) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්වෙින්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ පවරා ඇති නඩුව නොවැම්බර් 10 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එදිනට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි කැඳවීමට නියමිත බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ.
සිද්ධියට අදාළ එක් විත්තිකරුවෙකු විසින් ඊයේ අධිකරණයේදී සාක්ෂි ලබා දීම සිදු කළා.
සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනද ඊයේ අධිකරණයට පෙන්වමින් නඩු විභාගය සිදුවුවා.
සිද්ධියට අදාළ වැඩිදුරටත් සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයේදී සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.