gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස හතරහමාරකට පසු දැඩි කොන්දේසි මත ප්‍රසන්න ගෙදර යවයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඔහුට ඇප හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඔහු ඊයේ ඇප හිමිවූයේ මාස 4.5කට පසුවයි.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණුවේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධ නාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ ඇප අයදුම ඊයේ (30) යළිත් සලකා බැලුණි.  

ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේදී ය.

ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරනයෙදී කරුණු දක්වා සිටියේය.

එහිදී ඉදිරිපත් වුනු කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය සැකකාර ප්‍රසන්න රණවීර මහතා සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය . 

මේ අනුව ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදුකළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බව අප කොන්දේසි අතර දැක්වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka