gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායල රස්සාවට ගිය ලාංකිකයෙකු ලොකු පිස්සුවක් කෙලී!

ඊශ්‍රායලයේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයෙකු අතරමංවී ඇති බව දැක්වෙන සමාජ මාධ්‍ය වාර්තා කීපයක් සම්බන්ධයෙන් එරට සිටින ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් සිදු කර ඇති කරුණු දැක්වීමක් මෙහි දැක්වෙයි.

අදාළ ශ්‍රී ලාංකිකයා 2025 අගෝස්තු මස 09 වැනි දින ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රජයේ කෝටවෙන් ඊශ්‍රායලයට පැමිණි අයෙකි. ඔහු 42 වියේ පසුවන විවාහකයෙකි. එක් දරු පියෙකි.

එහෙත් ඊශ්‍රායලයට පැමිණ සතියක පමණ කාලයක සිට අධික ලෙස මත්පැන් පානයට හුරුවී තම රැකියාවට නොගොස් විවිධ ස්ථානවල කාලය ගත කොට තිබේ. අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ දී ද අධික ලෙස මත්පැන් පානයට හුරුවී පසුව පුනුරුත්ථාපානය කළ අයෙකි.

2025 අගෝස්තු මස 30 වැනි දින මේ පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් තැන්පති කාර්යාලයට දැනුම් දුන් පසු ඔහුව නැවත ශ්‍රී ලංකාවට යාමට කැමති කරගන්න මෙන් ඔවුනට දැනුම් දුන්නේ අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවට යාමට කැමති කරවා ගන්නා ලෙසයි. එමෙන්ම ඔහුට නැවත යාමට අවශ්‍ය ටිකට පත ලබා දෙන ලෙසත් දන්වුවෙමි.

මෙසේ තිබිය දී 2025 සැප්තැම්බර් මස 5 වැනි දින ඔහු ජෙරුසෙලම් ප්‍රදේශයේ සිටින බව ආරංචි වූ පසු ඊශ්‍රායල් පොලිසියට දන්වා ඔහු පොලිස් භාරකාරීත්වය යටතේ SHAARE ZEDEK MEDICAL CENTER වෙත ඇතුළත් කළේ ඔහුගේ ශාරීරික තත්ත්වය යහපත් නොවූ හෙයිනි. අනතුරුව ඔහු ඊශ්‍රායිල් ආගමන නිලධරීන්ට භාර දීමට බලාපොරොත්තුවෙන් කටයුතු කරන ලදී. එහෙත් එදින රාත්‍රියේ එම රෝහලෙන් පන ගොස් තිබුණි. අනතුරුව 2025 සැප්තැම්බර් මස 9 වැනි දින ඔහු නැවතී සිටි ස්ථානයට පැමිණ නව ස්ථානයක රැකියාවකට යන බව පවසා තිබේ.

අනතුරුව 2025 සැප්තැම්බර් මස 16 වැනි දින ඔහු නතනියා ප්‍රදේශයේ ඔහු සිටින බව එහි සිටින ශ්‍රී ලාංකිකයෙකු වන නදුන් ඉදුවර මහතා විසින් දැන්වූ පසු ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කොට පැය හතරක් පමණ කොට ඔහුව රදවා ගැනීමට කටයුතු කළ ද පොලිසිය පැමිණ ප්‍රසන කොට ඔහුව වරදක් කොට නොමැති බැවින් පිටත්ව ගොස් ඇත. අනතුරුව ඔහු අදාල තරුණ කණ්ඩායමෙන් මිදී පිටත්ව ගොස් තිබේ,

අනතරුව ඔහු සිටින වීඩියෝ පටයක් නිකුත් වූයේ 2025 සැප්තැම්බර් මස 17 වැනි දින බත්තියම් ප්‍රදේශයේ ඔහු රැදී සිටින අවස්ථා වේ දී ය.

අද දින ඔහුව තානාපති කාර්යාලයට රැගෙන ඒමට නියමිත අතර ආනතුරුව ඔහුව ඊශ්රායිල් ආගමන් නිලධාරීන් වෙත භාරදීමට නියමිත ය.

මේ සිද්ධිය මනා ලෙස කළමනාකරණය කරමින් තිබිය දී වැරදි තොරතුරු මත සමාජ මාධ්‍යය ඔස්සේ පුවත් පළකිරීම අතිශයින්ම කණගාටුදායකය. පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය විවරණය කරමින් සෑම සිද්ධියක් පිළිබඳවම සමාජ මාධ්‍යය ඔස්සේ තොරතුරු සැපයීම කළ නොහැක.

එසේ තිබිය දී අදාල පුද්ගලයාගේ නම ගම පමණක් නොව ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත් හා හා ඡායාරුප පවා ඉදිරිපත් කොට තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka