මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (25) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එම සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
තවද ලබන (25) වනදා දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.



