පසුගිය මස (29) වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000 සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය කොට සලකනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



