තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මකය.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.