gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්සත් රාජධානියේදී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කෙරේ!

එක්සත් රාජධානියේ වේල්ස් කාඩිෆ් හී ජීවත් වූ ශ්‍රී ලාංකික තරුණියක් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව South Wales හී පොලීසිය දැනුම් දෙනවා. මිය ගිය තරුණිය 32 හැවිරිදි දෝනා නිරෝධා කල්පනී නිවුන්හෙල්ල ලෙස හදුනාගෙන ඇති අතර පොලිසිය ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය ප්‍රකාශ කරනවා.

අගෝස්තු 21 වන දින පෙරවරු 7.37 ට හදිසි සේවා වෙත ලැබුනු දුරකථන ඇමතුමක් මත රිවර්සයිඩ් හි දකුණු මෝගන් ප්‍රදේශයට පොලිසිය කැදවා තිබූ අතර එහිදී බරපතල තුවාල සහිතව වැටී සිටි තුවාලකරු සොයාගෙන තිබෙනවා. ගිලන් රථ සේවාවේ පරිපූරක වෛද්‍යවරුන් විසින් අපරාධය සිදුවූ ස්ථානයේදීම ඇයට ප්‍රථිකාර ලබා දුන්නද රෝහලට රැගෙන යාමට ප්‍රථම ඇය එම ස්ථානයේදීම මියගිය බවයි පොලිසිය සදහන් කරන්නේ.

සිදුවීමට සැකපිට 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඊට ආසන්න ප්‍රදේශයකදී පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන ඇති අතර අපරාධකරු මියගිය තරුණිය හදුනන අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. සැකකරු රදවාගෙන ප්‍රශ්න කරන අතර අපරාධකරු හදුනා ගැනීම සදහා අපරාධය සිදුවූ ප්‍රදේශය අවට පිහිටි CCTV දර්ශන හෝ ඩෑෂ් කැමරා දර්ශන ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නිරෝධා කල්පනීගේ ඝාතනයට සැකපිට අත්තඩංගුවට ගත් පුද්ගලයා පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිසර වේරගල ලෙස පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර ඔහුට මනුෂ්‍යය ඝාතන චෝදනා එල්ල කර තිබේ. මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ රදවා ඇති සැකකරු හෙට එනම් 23 දා කාඩිෆ් මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

- Thilina Jayasekara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka