gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත්කඩේ විරෝධතාකරුවෝ මාර්ග බාධක උඩට නැග පාරේ රැස්වීම් තියති!

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට අදාල නීති කෘත්‍ය අධිකරණයේ විභාග වෙද්දී ඔහුට සහාය වෙනුවෙන් පැමිණි පිරිසක් මේ වන විට කොළඹ කිව් පාරේ පිහිටි කෝවිල ආසන්නයේ විරෝධතාවක නිරත වෙමින් සිටියි.

ඔවුන් අතරින් කිහිප දෙනෙක් මාර්ග බාධක මතට නැගී, ජංගම කථන යන්ත්‍ර භාවිත කරමින් අදහස් ප්‍රකාශ කරමින් සිටියි.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවයි.

ඔවුන් පවසන්නේ රට ආර්ථික අර්බුදයක සිටියදී, රට ගොඩනැගීමට ඉදිරිපත් වූ නායකයා වෙනුවෙන් කැපවීමට තමන් සූදානම් බවයි.

ඔවුන් අතෙහි “වැටුණු රට ගොඩගත් රනිල් වෙනුවෙන් අපි”, “ජඩ දේශපාලනය පරදමු” වැනි සටන් පාඨ ලියූ පුවරු ද දක්නට ලැබේ. තවද, ඔවුන් “මර්දනයට එරෙහිව” යනුවෙන් ලියන ලද පටි නළලෙහි බැඳගෙන සිටිනු දැකගත හැකිය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka