gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩුබායි සිට කුරියර් කර එවූ කුඩු අයිස් සමග අඹුසැමි යුවළ අල්ලාගත් හැටි!

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත සිදුකෙරෙන අලුත්ම මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය කර ගැනීමට ඉකුත්දා මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයට හැකි වී ඇත. පොලිසිය පවසන්නේ සිද්ධියට අදාළ තරුණ අඹු-සැමි යුවළක්ද අත්අඩංගුවට ගත් බවය. ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

අනුරාධපුරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරී මත පොලිසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට යුහුසුලු වෙද්දී විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ උපදෙස් මත මොවුන් හෝමාගම ප්‍රදේශයේ නිවෙසක් කුලියට රැගෙන එහි රැදෙමින් එම ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ එම කුලී නිවෙස මොවුන්ට ලබාදී ඇත්තේ විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මසකට රුපියල් 45,000ක මුදලකට බවත් ඉකුත් මැයි මස සිට මොවුන් මෙම සුඛෝපභෝගි නිවෙසේ පදිංචිව සිට ඇති බවත් කියයි.

මත්කුඩු ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද රියක් සහ ඉසුසු වර්ගයේ කුඩා න්ථයක්ද විදෙස් ගත ජාවාරම්කරු විසින් මොවුන්ට ලබාදී තිබු බවද පොලිසිය අවධාරණය  කරයි.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝඒ සම්පත්ට ලද තොරතුරක් මත මීගොඩ, උඩගෙයිවත්ත ප්‍රදේශයේ සැක සහිත ත්‍රිරෝද රියක් නතරකොට සෝදිසි කිරීමේදී එම රිය තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සහ ග්‍රෑම් 50ක් තිබී ඇත. පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු සිය බිරිය සමග නතර වී සිටින කුලී නිවෙස සෝදිසි කිරීමට නිලධාර්න් පියවර ගෙන තිබේ. එහිදී තවත් හෙරොයින් ග්‍රෂ 155ක් සහ මල්පෙති 800ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති අතර නිවෙසේ සිටි සැකකරුගේ බිරියද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර සැමියා ත්‍රිරෝද යන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝට රැගෙන ගොස් ඇත්තේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවකුට අලෙවි කිරීමට බව නිලධාහු කියති.

පොලිසිය පවසන්නේ හෙරොයින් පැකටි සැකකාරිය සිය තිසර පට තුළ සඟවාගෙන සිටි බවය. කාන්තා පොලිස් නිලධාරිනියක් යොදවා සෝදිසි කිරීමෙන් පසු ඇයට හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර අඹු - සැමි යුවළගෙන් ප්‍රශ්න කරමින් නිවෙස සෝදිසි කරද්දී අල්මාරියක් තුළ තිබී මත්සෙති තොගය හමුවී ඇති අතර එය තුළ කුර්යර් කුෂ්යට ගෙන්වන ලද වගේ රාශියක් ද නිලධාරීන්ට හමු වී තිබේ. ප්‍රශ්න කිරීමේදී මහ පර්මාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළි වී ඇත. ඒ අතර මත්ද්‍රව්‍ය කිරන තරාදියක් තිබී සොයා ගැනීමට හැකි වී තිබේ. ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින් මත්ද්‍රව්‍ය තොග කිසියම් තැනකට එවීම කරනු ලබන අතර පසුව ඔහු විසින් ලබාදෙන උපදෙස් මත එම මත්ද්‍රව්‍ය තොග කිසියම් පුද්ගලයකු විසින් ලබාගනු ලබයි. අනතුරුව එලෙස ලබාගන්නා මත්දුව්‍ය කුරියර් ක්‍රමයට කිලෝව බැගින් මම යුවළ වෙත යැවෙනු ලැබේ. එලෙස කුරියර් ක්‍රමයට පැමිණෙන මත්ද්‍රව්‍ය වී මිලිග්‍රෑමේ සහ ග්‍රෑම් වලට කිරා අසුරා කුඩා වනේ රියෙන් සහ ත්‍රිරෝද යෙන් ප්‍රවාහනය කිරීම මෙම අඹු සැමි යුවළ විසින් කර ඇතැයි පොලිසිය කියයි.

මොවුන්ට මෙම ත්‍රිරෝද රථය සහ කුඩා වෑන් රිය  ලබාදී ඇත්තේද විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරු විසිනි. කෙසේ වෙතත් මීට දින කිහිපයකට උඩදී මත්ද්‍රව්‍ය ප්‍රහනය කරමින් සිටියදී එම වැය අනතුරකට ලක්ව තිබේ.

පසුව විදෙස්ගත ජාවාරම්කරුගේ උපදෙස් මත එම වෑන්රථය  අලුත්වැඩියා කිරීම සදහා ගරාජයකට දමා තිබියදී සොයා ගැනීමට නිලධාරින්  සමත් වී තිබේ.

කුරියර් ක්‍රමයට ලැබෙන මත්ද්‍රව්‍ය තොග කුඩා කැබලි වලට කඩා අනුරාධපුරය, කුරුණෑගල ඇතුළු දිවයියන් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම මොවුන් විසින් සිදු කෙරෙන අතර මුදල් ගනු දෙනු සිදුවන්නේ ජාවාරම්කරුගේ මෙහෙයවීම මත බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එම එක් ගමනක් සඳහා විදෙස්ගත ජාවාරම්කරු විසින් මෙම යුවළට රුපියල් පනස්දාහක මුදලක් ගෙවා ඇති බවද හෙළිව තිබේ. මෙම ජාවාරම සම්පූර්ණයෙන් සිදු කෙරෙන්නේ ඊසි කෑෂ් ක්‍රමයට බවද පොලිසිය කියයි. පොලිසිය සැක කරනුයේ මොවුන් මෙම නිවෙසේ රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මීට පෙර ප්‍රවාහනය කර ඇති බවකි.

මොවුන් පදිංචි සුඛෝපභෝගී නිවෙසට කිසිවකුටත් ඇතුව වීමට නොහැකි වන පරිදි සුනඛයන් තිදෙනකුද යොදවා තිබූ බව පොලිසිය පවසයි. සැකකාර අඹු සැමි යුවළගේ ජංගම දුරකථන පවා පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි දුරකථන ඔස්සේද විමර්ශනයක් සිදුකෙරේ. සැකකාර අඹු සැමි යුවළ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka