gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පද්මේ කල්ලියේ 10ක් සමග අවි ගණේමුල්ලෙන් අල්ලයි!

කිසියම් දැවැන්ත ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානමින් සිටි පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ සාමාජිකයන් දසදෙනකු සමග අවි ගබඩාවක් අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ අංශය සහ ගණේමුල්ල පොලිසිය සමත් වී ඇත.

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් මුලින් වැටලූ පොලිසිය එහි සිටි පාතාල නායක පද්මේගේ කල්ලියේ සමීපතමයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව එම නිවසේ සඟවා තිබූ රිපිටර් වර්ගයේ තුවක්කුවක්, ටී 56 මැගසින් 09ක්, ජීව උණ්ඩ 600ක් සොයාගෙන තිබේ.

පසුව එම පාතාල සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මීගමුව ප්‍රදේශයේ තවත් නිවසක් වැටලූ පොලිසිය එහි සිටි පාතාල සාමාජිකයන් තිදෙනකු සමඟ බ්‍රවුනින් පිස්තෝලයක් කඩුවක් සමග තවත් ආයුධ කීපයක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව කටාන ප්‍රදේශයේ තවත් නිවසක් වැටලූ පොලිසිය එහි තිබී රුපියල් ලක්‍ෂ 50කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ අවි ආයුධ කීපයක් සමග පාතාල සාමාජිකයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් පාතාල සාමාජිකයන් විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ මහ මොළකරු ලෙස හැඳින්වෙන කොමාන්ඩෝ සලින්ත සමග ඍජු සම්බන්ධතා පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයන්ය.

මොවුන් කිසියම් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙසේ සංවිධානය වී සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග මත තබගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ සහය ලබාගැනීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහන් අමරසිංහ මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සිසිර ජයකොඩි මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka