සැප්තැම්බර් 03දා චීනයේ බෙයිජිං අගනුවර පැවැත්වීමට නියමිත දැවැන්ත උත්සවයට උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා ද එක්වීමට නියමිත බව චීනයේ සහකාර විදේශ අමාත්‍ය හොං ලෙයි මහතා අද (28) දිනයේදී ප්‍රකාශ කර තිබේ.
මෙසේ සැමරෙන්නේ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයයි.
චීන ජනාධිපතිවරයා ගේ ආරාධනය මත ලොව රාජ්‍ය නායකයන් 26 දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. මෙම නායකයන් අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම අවස්ථාව සැමරීමට දැවැන්ත හමුදා පෙළපාලියක් බෙයිජිං අගනුවර ටියැන්අන්මන් චතුරස්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෙම හමුදා පෙළපාලිය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පවසා තිබුණේ මෙම පෙළපාලියේදී ප්‍රදර්ශනය වන සියලු අවිආයුධ චීනයේ නිෂ්පාදිත ඒවා බවයි.