gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරගේ පිහිටෙන් අපි හැමෝම යළි එක් වුනා!

ඊයේ (23) උදෑසන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාරයට යෑමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසූවේ අනුර කුමාර දිසානායක විසින් විපක්ෂයේ අපි ඔක්කොම එකතු කරනු ලැබ ඇති බවයි.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය,

ආණ්ඩුවේ ජනප්‍රිය භාවය අඩුවෙන කොට ඔවුන්ගේ ජනප්‍රිය බව රැක ගැනීම සඳහා ඔවුන් මොකක් හරි චූන් කරන වැඩක් කරනවා. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න ඒ ගොල්ලෝ බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට ගෙනාවා. බටලන්ද කොමිසමට ගන්නවා කිව්වා. ඒක වුණේ නෑ.

දැන් මහ බැංකු සිද්ධිය කෝ. ඊලඟට කිව්වා බාර් පර්මිට් 250ක් දුන්නා කියලා.ඒකට අත්අඩංගුවට ගන්නවා කිව්වා. ඒකත් කරන්න බැරි වුණා.අන්තිමට මොකක්ද කළේ. පිට රටක ගිය ට්‍රිප් එකක රජයේ මුදල් භාවිතා කළා කියලා චෝදනාවක් දාලා දැන් අරගෙන තියෙනවා. ඒකෙත් පැමිණිලිකාරයා කවුද?ජනාධිපතිතුමාගේ ලේකම්. ඒකෙන්ම පේනවනේ මේක දේශපාලන පළිගැනීමක් කියලා.

ඒ ගොල්ලෝ කියපු දේවල් කිසිවක් ඒ ගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච නිසා ජනාධිපති ලේකම් ලවා පැමිණිල්ලක් දාලා දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

අනුර කුමාර පහු ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පළාත් පාලන මැතිවරණයේදී ගිය ගමන් වලට පෙට්‍රල් ගැහුවේ පැලවත්තෙන්ද? ජනතාවගේ බදු මුදල් වලින් පෙට්‍රල් ගැහුවේ. ජනතා මුදල් අව භාවිතා කිරීම කියලා ජනාධිපතිවරයාටත් ඕක වැටෙනවා. මතක තියාගන්න.එයාගේ දේශපාලන වැඩ වලට එයා ජනතා මුදල් පාවිච්චි කරලා තියෙනවා.

අනුරාධපුරේටද කොහෙද හෙලිකොප්ටරෙන් ගියා කියලා තව මොකක්ද එකක් කියනවා.ඒවා ගැනෙන්නෙත් ජනතාවගේ මුදල් අවභාවිතාවක් කිරීම විදිහට තමයි.

අනෙක නීතිය සැමට සාධාරණයි කියලා පෙන්වන්න දැන් ආණ්ඩුව උත්සාහ කරනවා.ඒ කැබිනට් එකේ චෝදනා තියෙන අය නඩු තියෙන අය නැද්ද? ඒ නඩු වෙන වෙන උසාවි වලට මාරු කරගන්න ඒ අය කටයුතු කළේ නැද්ද?

අල්ලස් දූෂණ චෝදනා ලබපු ඇමතිවරයෙක් ඉන්නවා.නීතියේ ආධිපත්‍යයට ඉඩ දීලා ඒ ඇමතිවරයා හරි නම් ඉල්ලා අස්වෙන්න එපැයි. ඔවුන්ට නීතියේ ආධිපත්‍යය නෑ. දැන් විරුද්ධ පක්ෂය දඩයම් කරන්න පටන් අරගෙනන තියෙනවා.ආණ්ඩුවට රිදෙන්න ගහන අය දඬුවම් කරන්න පටන්ගෙන තිබෙනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka