gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිහිසුණු බස් අනතුරක්... 27ක් රෝහලේ!

අද (අගෝස්තු 12) අලුයම, මින්නේරිය, බටුඔය පාලම ආසන්නයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇත.

පොලිස් වාර්තා වලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනි.

අනතුරින් බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනාද ඇතුළුව තුවාලකරුවන් 27 දෙනෙකු පොළොන්නරුව, හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka