අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 25%ක තීරුබද්දක් පනවන විධායක නියෝගයකට අත්සන් තැබුවා. මෙම නව තීරණයත් සමඟ ඉන්දියානු භාණ්ඩ සඳහා අමෙරිකාව අය කරන මුළු තීරුබද්ද 50% දක්වා ඉහළ යනු ඇත.
අමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සබඳතා මේ වන විට තරමක් අර්බුදකාරී තත්ත්වයක පවතී. රුසියාවෙන් බොර තෙල් මිලදී ගැනීම හේතුවෙන් ඉන්දියාවට අතිරේක 25% ක තීරුබදු පනවමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.
අමෙරිකාවට වඩාත් සාධාරණ වෙළෙඳ පරිසරයක් ඇති කිරීම සඳහා මෙම පියවර ගත් බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවලට අමෙරිකානු වෙළෙඳපොළ තුළ නව අවස්ථා උදා කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
ඉන්දියානු භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන්, එම නිෂ්පාදනවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම වැඩි විය හැකියි.
විශේෂයෙන්ම, ඇඟලුම්, තේ, සහ රබර් වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ සඳහා මෙයින් වාසි සැලසිය හැකියි.
කෙසේ වෙතත්, මේ තත්ත්වය කෙතරම් දුරට ශ්‍රී ලංකාවට වාසිදායක වේවිද යන්න තීරණය වන්නේ නව වෙළෙඳපොළ අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ගන්නා උත්සාහය මතයි.
මෙම අවස්ථාව උපරිමයෙන් භාවිතා කිරීම සඳහා රජය සහ අපනයනකරුවන් එක්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වෙයි.