වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ශරීරයට අහිතකර තත්වයන් ඇති විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බවයි.
ඉදිරි මාස දෙකක කාලයේදී එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් මේ සම්බන්ධව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.
ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.