මහනුවර නගර සීමාවේ පිහිටි මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිහිමුර්ජා තත්ත්වයට පත්ව සිටිය දී සොයාගෙන තිබේ.
සිහි මුර්ජා වී වැටී සිටි මෙම පිරිස දුටු අසල්වැසි පදිංචිකරුවෙක් අවට අයගේ සහාය ඇතිව මෙම පුද්ගලයින් මහනුවර ජාතික රෝහලට සහ මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර කිරීමට මැදිහත් වී ඇත.
සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අසල වෙළෙඳසලක සේවය කරන තරුණයෙකි. ඔහු ඊයේ (20) දහවල් රූපලාවන්‍යාගාරය දෙසට යද්දී එහි සේවය කරන තරුණියක බිම වැටී සිටිනු දැක තවත් පිරිසක් සමග ගොස් රූපලාවන්‍යාගාරයට ඇතුළු වී තිබේ.
එහිදී තරුණයා දැක ඇත්තේ කාන්තාවන් පස් දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් සිහි මුර්ජා වී බිම වැටී සිටින ආකාරය ය.
සිද්ධිය දුටු පිරිස පොලීසිය හා සුවසැරිය ගිලන් රථ සේවාව දැනුවත් කර පසුව පොලීසියේ ද සහය ඇතිව මෙම පිරිස රෝහල් ගත කර ඇත.
තරුණියන්ගෙන් සිව් දෙනෙකු රූපලාවන්‍යාගාරයේ සේවයේ නියුතු වූවන් බව වාර්තාවේ. අනෙකුත් දෙදෙනා එහි සේවය ලබා ගැනීමට පැමිණි අය වෙති.
හදිසි නඩත්තු කටයුත්තක් සඳහා මහනුවර නගරයේ එක් කොටසක විදුලිය විසන්ධි කර තිබිය දී මෙම රූපලාවන්‍යාගාරයේ සේවා කටයුතු පවත්වාගෙන යෑමට ජෙනරේටරයක් යොදා ගනන්නට ආයතන සේවක පිරිස කටයුතු කර ඇත.
ආයතනයේ දොර ජනෙල් සියල්ල වසා වායු සමීකරණය ද ක්‍රියාත්මක කර තිබූ බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. රෝහල්ගත කළ අය ඉක්මනින් සුව වෙමින් සිටින බව වාර්තා වේ.