ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළසිරුරු තැන්පත් කරන ශීතකරණය ක්‍රියා විරහිත වී මාස 06 කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් එය අලුත්වැඩියා කිරීමට කටයුතු නො කිරීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.
මේ හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලේ දී මිය යන රෝගීන්ගේ මළ සිරුරු බලපිටිය මූලික රෝහලට හෝ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට සිදු වන බවත් පැවසෙයි.
මේ සඳහා වැයවන මුදල් ජනතාවට දරාගත නොහැකි තරම් බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා පැවසූවේ මෙවන් ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරනා බවයි.