gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියට හොරු පනී… පොලිසිය පොලිසි යයි…

නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ප්‍රධාන ගරාජයෙන් ආරක්ෂක හිස් වැසුම් තොගයක් සහ යතුරුපැදි බැටරි තොගයක් සොරකම් කර ඇති බවට පැමිණිලි දෙකක් ලැබී ඇති බව නාරාහේන්පිට පොලීසිය පවසයි.

සොරකම් කරන ලද භාණ්ඩ අතර රුපියල් 15,000ක් වටිනා ආරක්ෂක හිස් වැසුම් තුනක් සහ රුපියල් 12,000ක් වටිනා භාවිතයෙන් ඉවත් කරන ලද යතුරුපැදි බැටරි 12ක් වේ.

මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ආරක්ෂක තාප්පය මතින් පැමිණ, කාර්යාලයේ පිටුපස කාමරයේ රාක්කයේ තිබූ ආරක්ෂක හිස් වැසුම් වහලය සහ බිත්තිය අතර ඇති හිඩැසකින් සොරාගෙන ඇති බවයි.

එමෙන්ම, භාවිත කරන ලද යතුරුපැදි බැටරි සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, ප්‍රවාහන කොට්ඨාසයේ ආරක්ෂක තාප්පය මතින් පැමිණ, බැටරි ගබඩා කර තිබූ ගබඩාවේ යකඩ දැල කපා ඒවා සොරාගෙන ඇති බවයි.

මෙම සොරකම් ඉකුත් 25 වැනිදා සහ 28 වැනිදා අතරතුර සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය මේ වන විට විමර්ශන පවත්වයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka