gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බබාලා හදන්න ඇමෙරිකාවට යන්න ප්ලෑන් ගහන ලංකාවේ කට්ටියට ජුලිගේ ඔෆිස් එකෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත්තේ, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් කිරීමේ අරමුණින් සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අයට අනාගත වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බවයි.

තානාපති කාර්යාලය සිය X ගිණුමේ පළකරන ලද පණිවිඩයක දැක්වෙන්නේ, එවැනි සංචාරකයන් බොහෝවිට එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන වෛද්‍ය ආධාර මත විශ්වාසය තබන බවත්, එමඟින් ඇමරිකානු බදු ගෙවන්නන් මත මූල්‍යමය බර පැටවෙන බවත්ය.

පුරවැසි ප්‍රතිලාභ සඳහා දරු ප්‍රසූතිය අයැදුම්කරුවකුගේ ප්‍රධාන අරමුණ යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම්, සංචාරක වීසා ප්‍රතික්ෂේප කරන ලෙස එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka