දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේ දී වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළැයි එම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකයින් 06 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමට අද සභාව රැස් වූ අවස්ථාවේ දී ජාතික ජන බලවේගයෙන් ඩබ්ලියු. එම්. තිලකරත්න සහ සමගි ජන බලවේගයෙන් සුසිල් හේරත් ද පොදු ජන එක්සත් පෙරමුණෙන් කේ.පී සෝමතිලකත් යෝජනා කර තිබිණි.
පසුගිය 12 වැනිදා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා රත්තොට සංවිධායකවරයාට යැවූ ලිපියෙන් දන්වා තිබුණේ සභාපතිවරයා ලෙස පොදු ජන එක්සත් පෙරමුණේ කේ.පී සෝමතිල යෝජනා කර උප සභාපති ලෙස සුසිල් හේරත් යෝජනා කිරීමට පියවර ගන්නා ලෙසය.
නමුත් එම යෝජනාවට පිටුපා වෙනම අපේක්ෂකයෙක් සමගි ජන බලවේගය යෝජනා කළ අතර අවසානයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂක ඩබ්ලියු එම් තිලකරත්න දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූයේය.
අද දිනයේම සමගි ජන බලවේගය තීරණය කර තිබුණේ පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කළ හේරත් මුදියන්සේලාගේ සුසිල් හේරත්, අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනෙලබොඩේගෙදර අනිල් ඉන්ද්‍රජිත් දහනායක, කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරඳගොල්ල, අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක, හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි, ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න වන දඹුල්ල ප්‍රදේශිය සභා සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන බවය.