ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවීමට නියමිතව තිබූ මැයි රැලියේ කොළඹ ගාලුමුවදොර ඉදිකළ වේදිකාව කැමරා ගත කළ බව කියන ද්‍රවිඩ තරුණයකු කොටුව පොලිසිය මගින් ඊයේ (01දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණයාගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර දැනට කිරුළපන පදිංචිව සිටින බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
පිළියන්දල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින මෙම තරුණයා ජනපති පැමිණීමට නියමිත මැයි දින රැලියේ වේදිකාව අපූරුවට තනා තිබූ නිසා එය කැමරාගත කළ බව පොලිසියට පවසා ඇත.
නෝමන් පලිහවඩන සහ මහරගම එස්. ඩී අබේසිංහ