අද දිනයේ පවත්වන ලද සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රී සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි. රජය විසින් ඉදිරි බදාදා දිනට ප්‍රථම තම ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ දීමට කටයුතු කරන කරුණු ඇතැයි විශ්වාස කරන බවද දුම්රිය ස්ථානාපතිවරුන්ගේ සංගමය කියා සිටී.
බදාදා දිනයේ දී වන විට සාධනීය විසඳුමක් නොලැබෙන්නේ නම් බ්‍රහස්පතින්දා දින සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවද සංගමයේ සභාපති සුමේධ රත්නායක මහතා පැවසුවේය.