නීතිපති පාරින්ද රණසිංහ විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය සඳහා සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ. නීතිපතිවරයා විසින් පත්කළ කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.
කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීිරිස් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයනි වෑගඩපොල, සහ රජයේ නීතිඥ ශක්ති ජාගොඩආරච්චිය.
කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ බටලන්ද කොමිෂන් සභාවේ ඇති සාක්ෂිවලින් අධිචෝදනා ගොනු කළ හැකිද යන්න අධ්‍යයනය, කාලාවරෝදය වූ වැරදි හඳුනා ගැනීම, තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනා ගැනීම ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි.