gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන බවුසරයක් පෙරළෙයි.. ප්‍රදේශවාසීන් ඩීසල් සහ පෙට්‍රල් උස්සයි..

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් අද (14) පස්වරුවේ මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබේ.
මේ හේතුවෙන් තලවකැලේ - නුවරඑලිය මාර්ගයේ ගමනාගමන කටයුතු කිරිමැටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.
කෙසේ නමුත් බවුසර් රථයේ ටැංකි කොටස පෙරළීමෙන් ඇති වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් පෝලිම්වල රැඳී සිටිමින් ඩීසල් සහ පෙට්‍රල් ගන්නා අයුරුද දැකගත හැකිවිය.

කෙසේ නමුත් කාන්දු වෙමින් පවතින ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරුකිරිමේ කටයුතු සිදුකර ඇත.

අනතුර පිලිබඳ නානුඔය පොලීසිය පරික්ෂණ පවත්වයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka