gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභාකරන් රජ කරපු කිලිනොච්චියේ අද රජ කරන මහා ජාවාරම්කාරයෝ! VIDEO

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ – පලෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම්වලට කඩාවදින සංවිධානාත්මක පිරිසක් එම භූමිවල ඇති වැලි නිධි බලහත්කාරයෙන් කපා රැගෙන යන බව අනාවරණ වී ඇත. එහි සේවයේ යොදවා සිටින පොලිස් නිලධාරීන් පවසන්නේ, වැලි ජාවාරම්කරුවන් පොලිස් අණට ද අවනත නොවෙමින් මෙම ජාවාරමේ නිරත වන බවයි.

කිලිනොච්චියේ – අලිප්පලෙයි – පලෙයි ප්‍රදේශය පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට දැඩිව නතුව තිබූ ප්‍රදේශයක්.

ඔවුන් ඉවක් බවක් නොමැතිව මෙම ප්‍රදේශයේ බිම් බෝම්බ වළලා තිබූ අතර, මේ වනවිටත් ඒවා ඉවත් කරමින් පැවතීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ඉඩම්වල ජීවත්වීමට අවශ්‍ය පසුබිම තවමත් සැකසී නැහැ.

නිරීක්ෂණයේදී හෙළි වූයේ, කෙදිනක හෝ බිම් බෝම්බ ඉවත් කර යළි මෙම පෞද්ගලික ඉඩම් ජනතාවට ලබා දීමේදී ඔවුන්ට හිමිවන්නේ සාමාන්‍ය ඉඩම් නොව අනවසර වැලි කැණීම් හේතුවෙන් ජලාශ බවට පත්කළ භූමි ප්‍රදේශ බවයි.

අප මෙම ප්‍රදේශය නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ශ්‍රී ලංකා පොලිසියේ ටී ෂර්ටයක් හැඳ සිටි නිලධාරියෙකු පැවසුවේ, ඔත්තුකරුවන් රැසක් යොදා ජාවාරම්කරුවන් වැලි ජාවාරම කරගෙන යන බවයි.

සුන්දරත්වයෙන් පිරි කිලාලි කලපුව ආසන්නයේ පවතින මෙම පෞද්ගලික ඉඩම් විශාල ජලාශ බවට පත්කර මේ වනවිටත් වැලි කියුබ් ලක්ෂ ගණනක් ජාවාරම්කරුවන් ඉවත් කර අවසන්.

ගොඩබිම් මාර්ගය ඔස්සේ ගමන් කරන විට, වැලි ජාවාරම්කරුවන් තැත තැන එක් රැස්කර ඇති වැලි තොග මෙලෙස දැකගත හැකියි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka