gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හ‍යේෂිකාගෙ උත්සවයට පොඩි ළමයි එනවා කියා පොලිස් ආරක්ෂාව ලබාගෙන 'පෙරගමන් රථ' බයිපාස් කරලා!

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබූ හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය‍කගේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ඇගයීම්උත්සවය සඳහා පොලිස් පෙරගමන් රථ භාවිත කරමින් ඇය සංදර්ශනාත්මක රංගනය නිරතවීම කතාබහට ලක්විය.

මේ ආකාරයට රජයේ පොලිස් නිලධාරීන් පුද්ගලික උත්සව ප්‍රවර්ධනය සඳහා යොදාගත හැකිද යන්න ගැන මෙන්ම ශිෂ්‍යත්ව පන්ති ගුරුවරියකට පැවතිය යුතු විනය ගැනද සාකච්ඡා මතු විය.

ඒ අතරම සිද්ධිය ධනාත්මකව විග්‍රහ කරමින් ඇගේ අලෙවිකරණ උපායෙහි සාර්ථකත්වයද ඇතැමුන් අගයා තිබුණි.

මෙම සිදුවීම රජයේ ආරක්ෂක අංශ සම්බන්ධ ගැටලුවක් බවට පත්වූ නිසා මේ ගැන පොලිසියට කථා නොකර බැරිවිය. එසේම ඊයේ (22) කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්දටද මේ ගැන කථා නොකර බැරි විය.
දැන්ට වාර්තාවන ආකාරයට මෙම උත්සවයට ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වෙයි.
සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විශාල පිරිසක් ඊට සහභාගී වන බැවින් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස  ලිපියක් මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දී ඇත්තේ කාර්යාලයට යොමු කළ ලිපියකින් පසුවය.

"පෙර ගමන් රථ ගැන සඳහන් කරල නැහැ.
සෙෂන් 4 කට ළමයි එනවා කියලා පොලිස් ආරක්ෂාව අවශ්‍යයි කියල තමයි කියලා තියෙන්නේ. ඉතින් එහෙම දේකදී කුඩා ළමුන් දෙමාපියන් වෙනුවෙන් පොලිසියේ ආරක්ෂාව සැපයීම භාරගන්න බැරිකමක් නැහැ. නමුත් පෙරගමන් රථ යොදවාගෙන එම අවස්ථා අවභාවිත කර‍ලා. ලැබුණ අවස්ථාවින් අයුතු ප්‍රයෝජනයක් ලබාගෙන ඇති බවත් පේනවා.
මෙවැනි ආකාර කටයුතු වලට පොලිසියෙ නීති වලින් රිංගා ඇති බව පේනවා. එය සිදුකර ඇත්තේ කොතනින්ද යන්න විමර්ශනය කරනවා.
ජනපති හෝ අගමැති මේ ආකාරයට කටයුතු සිදු නොකරන අය මේ මෙවැනි දේවලට අප ඉඩක් දෙන්නෙත් නැහැ."

ඇමති නලින්ද ජයතිස්ස අද කියා තිබේ.

මෙහිදී පොලිස් නිල වාහන හා පොලිස් නිලධාරින් නීති විරෝධී ලෙස භාවිතා කර ඇත්දැයි පරීක්‍ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ද සඳහන් කර තිබේ.
අදාළ උත්සවය සඳහා ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන් අටදහසක් සහභාගී වන බවට දැනුම්දී මුදල් ගෙවීමේ පදනම මත පොලිසියෙන් එම පහසුකම් ලබාගෙන ඇති අතර එහිදී ඇයගේ වෙනත් කාර්යයක් සඳහා එම පොලිස් පහසුකම් ලබාගෙන ඇති බව නිරීක්ෂණ වෙන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව පොලිස් ප්‍රකාශකවරයා පවසා තිබේ.

මේ අතර ඊයේ පැවති රැස්වීමේදී ඇමති නලින්ද වැඩිදුරටත් කියා තිබුනේ,

"මින් පෙර මේ ආකාරයේ දේවල් වාර්තා වුනේ දේශපාලනඥයින් සම්බන්ධයෙන්. එවැනි තැන්වලදි ජනතාව නිහඩව සිටියා. නමුත් දැන් පුද්ගලික අය මෙහෙම සංදර්ශන තියද්දි රටම කතාවෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. රටේ පෙරහැර වගේ දෙවල්වලට පොලිසියේ සහය ලබාදෙනවා. නමුත් පුද්ගල ප්‍රවර්ධනයට අවශ්‍යතාවක් හෝ නීතිමය බලයක් පොලිසිය සතුව නැහැ."
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka