gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුමින්ද සිල්වා බන්ධනාගාරයේදී හඬා වැටෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් තමාව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් ගන්නා ලද පියවර අත්හිටුවා යළි බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මැයි (08) වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ, සිය සේවාදායකයා වෙඩි ප්‍රහාරයකට ගොදුරුව හිසට බරපතළ තුවාල ලබා ශල්‍ය කර්ම කිහිපයකට ලක් වූ අයකු බැවින් යළිත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ, මරණ දඬුවම නියම වූ පසු දුමින්ද සිල්වා වසර ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂිත නේවාසික වාට්ටුවක ප්‍රතිකාර ලැබුවේ එක්තරා වෛද්‍යවරයකුගේ තනි නිර්දේශය මත බවත් මෙලෙස එක් පුද්ගලයකුට පමණක් සුවිශේෂී වරප්‍රසාද අනෙක් සිරකරුවන්ද ඉල්ලා සිටීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව එදිනට පෙර සීමිත විරෝධතා ලිඛිතව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් කරුණු තහවුරු කිරීමට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka