gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිලා සංගණන වාර්තා හොරෙන් පන්නයි... මිහින්තලේ ප‍්‍රතිපල මෙන්න

පසුගිය පහළොස්වෙනිදා දීප ව්‍යාප්තව සිදු කරන ලද වගා හානි කරන සත්ව සංගණනයට අදාළව තොරතුරු ලේඛනයක් සමාජ මාධ්‍යවලට නිකුත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ සමාජ මාධ්‍යවලට නිකුත් වී ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සත්ව සංගණයට අදාළ තොරතුරු පත්‍රිකාවකි.

අදාළ පත‍්‍රිකාව අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ රිලවුන් 41,586ක්, මොනරුන් 24,552 ක්, වඳුරන් 19,159 ක්, දඬු ලේනුන් 11,531ක්ද ආදි වශයෙන් ගණනය කර ඇත.

කෙසේ වෙතත් සංගණනය නිල තොරතුරුව වාර්තාව මෙම වස 26 වෙනිදාට පෙර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදීමට නියමිතව තිබේ.

සමස්ත දිවයිනේම අවසන් වාර්තාව විසි අටවෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබීමට නියමිතය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka