අනුරාධපුර පොලිස් ස්ථානයට වාර්තා වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුල් වී වෛද්‍යවරියෙකුගේ ගෙලට පිහියක් තබා බිය ගන්වා ස්ත්‍රී දූෂණය හා බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ඇයගේ ජංගම දුරකථනය කොල්ලකා පලායාමේ අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම අපරාධ සම්බන්ධයෙන් සිදු කල විර්මශනයෙන් අනාවරණය කරගත් තොරතුරු මත අපරාධයට අදාල සැකකරු ගල්නෑව පොලිස් වසමේ රක්ෂිත කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී, අනුරාධපුර, ගල්නෑව පොලිස් ස්ථාන හා අනුරාධපුර විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව රක්ෂිතය තුල සිදු කළ සෝදිසියකදී අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු වයස අවුරුදු 34 ක් වන ඇල පාර, ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධය සිදුකිරීමට යොදා ගත් පිහිය, සැකකරු අපරාධය සිදුකරන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සහ දේපළ පොලිස් භාරයට ගෙන ඇත. කොල්ලකා රැගෙන යන ලද ජංගම දුරකථනය සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතී.
මෙම සැකකරු වෙනත් පොලිස් වසම්වල සිදු කර ඇති අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බැවින්, වැඩිදුර විර්මශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාරදීමට කටයුතු කිරීමට නියමිතව ඇත.
සිදුවීම වූ දිනයේ ඇය නිල නිවස වෙත ගොස් දොර අගුළු දැමීමෙන් පසු කිසියම් අයෙකු දොරට තට්ටු කර ඇති බවත් ‘දොර අරින්න මම හමුදාවෙන් පැනලා ආවේ බයවෙන්න එපා. මම මොකුත් කරන්නේ නැහැ’ යනුවෙන් පිටත්ව සිටි පුද්ගලයා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඇය දොර විවෘත කර ඇති අතර පසුව ඔහු තියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බියගන්වා තමන් හැඩ සිටි රතු පැහැති කමිසේ ගලවා ඉන් ඇයගේ කට මැද ඇයව දුෂණයට ලක් කර ඇති බවද අනාවරණ වී තිබෙි.
අවසානයේ ඔහු බලහත්කාරයෙන් ඇයගේ දුරකථනයක් ලබාගෙන ඇයට තර්ජනය කර එහි මුරපදයද ලබා ගෙන ඇති අතර පසුව ඔහු එම දුරකථනයෙන්ම ඇයගේ ඡායාරූපද ලබාගෙන තිබෙන බව වාර්තා වෙයි.
මෙම සිදුවීම කිසිවෙකුට නොපවසන ලෙසත් කාට හෝ මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණහොත් ඇයගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන බවටත් ඔහු වෛද්‍යවරියට තර්ජනය කර තිබේ.