gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මතකයන් හිත පාරවයි...." ඒ තරම් වේදනාවක් මම ජිවිතේ විදලා තිබ්බේ නැහැ...ලස්සනම ලස්සන මැණික් මේ කියන්නේ කවුරු ගැනද?

ඇය මැණික් විජේවර්ධන..සුරූපී සිනමා නිළියක් වුණු  මැණික් කියන්නෙ ප්‍රසිද්ධ චරිතයක්..  

ඒ වගේම කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්... ඇය හරිම ලස්සනයි... එයාගේ ඇස් හරිම ආකර්ශණීයයි... ලස්සනම ලස්සන හිනාවක්... ඇයට ආදරේ කරන අය හුඟාක් ඉන්නවා... ඉතිං මේ සරාගී සුන්දර යෞවනිය මැණික් විජේවර්ධන සමඟ අපි කරපු කතාබහක් තමයි මේ...

ආයුබෝවන්! ඉතින් කොහොමද ?

ආයුබෝවන්...හොඳින් ඉන්නවා... නිස්කලංකව ඉන්න හරිම කැමතියි මේ ටිකේ...

පවුලේ විස්තර කතා කරමු මුලින්ම ?

මගේ පවුලේ අම්මී තාත්තී නංගිලා තුන්දෙනෙක් ඉන්නවා ... මල්ලි කෙනෙක් ඉන්නවා... මගේ ජිවිතේ සුන්දරම දේවල් අතර මගේ සහෝදරයෝ ඉන්නවා... මගේ අම්මී , මගේ තාත්තී ඉන්නවා...

රඟපාපු කැමතිම චරිතය මොකක්ද?

මගේ ෆස්ට් මූවී එක අනිත්‍යා... එකේ මගේ චරිතය කෞශි ... ඒ කැරැක්ට එකට මම මාරම කැමතියි... මම සිනමාවට එන්නේ ඒ චරිතයෙන්.. ඒක සත්‍ය කතාවක්... මම ඒ ගෑණු ළමයා හම්බවෙලා තියෙනවා... ෆිල්ම් එකේදී ඒ කැරැක්ට එක මැරෙනවා... ඒත් සත්‍ය ජිවිතේ ඒ ගෑණු ළමයා තාමත් ජීවත් වෙනවා.. එයා හොඳින් ඉන්නවා.... මම හරිම ආදරේ කරන චරිතයක්...

පොත්පත් කියවනවද?

ඔව්... පොත් පත් කියවන්න මම කැමතියි... මට පොත් කලෙක්ශන් එකක් තියෙනවා...මට ඉඩ ලැබෙන හැටියට ... මම කියවනවා... ජිවිතේ මට ඉන්න තවත් එක හොඳ යාලුවෙක් තමයි පොත් කියන්නේ... සමහර මොහොතවල්වල පොත් කියන්නෙත් හොඳ මෙඩිසින් එකක්...

ළඟදී කියවපු කැමතිම පොත ?

මේ දවස්වල English book එකක් කියවන්න පටන් ගත්තා city of heavenly fire ...

රඟපෑමද නිරූපණයද ඔබ කැමතිම?

ම්.... මම රඟපාන්න කැමතියි...

රංගනයට අවස්ථාව නොලැබුණු ඔබ කැමතිම චරිතයක් තියෙනවද?

ම්... මම හරි ආසයි මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ කැරැක්ට එකක් කරන්න...

ලෝකෙ ඔබ ආදරේම?

මේ ලෝකේ... මම ගොඩාක්ම ආදරේ මගේ අම්මාටයි තාත්තිටයි... මොකද මට ජීවය දුන්නේ ඒ දෙන්නානේ...

ඔයාගේ life motto එක මොකක්ද?

මගේ life motto එක... මට දැන් තියෙන දේවල් වලට ස්තූතිවන්ත වෙනවා ඒ වගේම never give up...

මුහුණ දෙන්නවුනු දුක්බරම දේ?

මගේ රත්තරං තාත්තී ගිය අවුරුද්දේ නැතිවුණා... ඒ තරම් වේදනාවක් මම ජිවිතේ විදලා තිබ්බේ නැහැ... මගේ ජිවිතේ හැම තැනම තාත්ති මට හිටියා අප්‍රමාණ මනුස්සකමක් තිබුණ හිත හොඳ මනුස්සයෙක් මගේ තාත්ති... එයා රත්නපුරේ හිටියේ මගේ තාත්තී මැණික් ව්‍යාපාරිකයෙක්... එයා මිනිස්සුන්ට හොඳින් සැලකුවා..... හැමෝටම එක වගේ ආදරේ කළා..දෙවියෙක් සදිසි මගේ තාත්තිගේ අහිමිවීම තවමත් මට හීනයක් වගේ....

ජීවිතය ආපු ලොකුම අභියෝගය?

ලයිෆ් එකේ ආපූ ලොකුම අහියෝගය තාත්ති නැතිවුණාම කොහොමද ලයිෆ් එකේ ඉස්සරහට යන්නේ කියන ඒක.. ජිවිතේ එක තැනක නතර වුණාවගේ... අපේ ජිවිතේට වසන්තය අරගෙන ආවේ තාත්තී.. එයා තවදුරටත් නැහැ කියන්නේ... ඒක තාත්තාට ආදරේ කරන දුවෙක්ට දරාගන්න අමාරු දෙයක්...

ඇය මොහොතක් නිහඬව හිටියා...  ඊට පස්සේ මෙහෙම කිව්වා... ඇය මොහොතක් නිහඬව හිටියා...  ඊට පස්සේ මෙහෙම කිව්වා... ඇත්තටම තාත්තී නැතිවුණ මොහොතේ මුළු ලෝකෙම කඩා වැටුනා වගෙයි දැනුනේ... ඒ වෙලාවේ අපිට ශක්තියක් වෙලා ලඟ හිටිය , අපේ හිත හදපු අයට ගොඩාක් ස්තූතියි...මොකද මට මතක නැහැ... මම කොහොමද ඒ දවස්ටිකට ෆේස් කරේ කියලා...  ජිවිතේ ඒ වගේ මොහොතක හයියක් වෙලා තාත්තිගේ අවසන් ගෞරව දක්වන්න ආපු අයට ස්තූතියි...  ඒ හොඳ මිනිස්සුවෙනුවෙන් ලොකූ ගෞරවයක් මගේ හිතේ තියෙනවා... 

අමතක නොවනන මතකය?

ඇම්බියුලන්ස් එකේ එද්දී.. මගේ තාත්තීගේ අන්තිම හුස්ම ගියේ මගේ අත්දෙක උඩ...ඔයා දන්නවද ? මට ජිවිතේ දීපූ මාව ජිවිතේ පුරාම දරාගත්තු මගේ තාත්තී යන්න ගියා... මගේ තාත්තීගේ හුස්ම ටික යන්න ගියහැටි මම දැක්කා... අමතක කරන්න බැරි මතකයක් ඒ... මට .... ( ඇය ඉකිබිදිමින් ඇඩුවා... ඇත්තටම දරුවෙක්ට දරාගන්න බැරි සිදුවීමක්...)

මගේ තාත්තී බුදුන් දැක නිවන් දකින්න ඕනී...  මැණික් එයාගේ ආදරණීය තාත්තා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කළා... 

කාන්තාවක් විදියට ඔබට සමාජයට කියන්න තියෙන පණිවිඩය මොකක්ද?

කාන්තාවක් විදිහට කියන්න තියෙන්නේ නංගී අපි අසරණ වෙන වෙලාවට දැන් මම තාත්තාගේ වියෝවෙන් පස්සේ මාරම විදිහට අසරණ වුණා... මොකද තාත්තී ඉද්දී අපිට , මට ඒ අසරණ කම දැනිලා නැහැ... තාත්තී නැතිවුණාට පස්සේ මිනිස්සු ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න එනවා... මම කියන්නේ අර life motto එක වගේ never give up.... ජිවිතේ මොනතරම් අභියෝග ආවත් ... ඉස්සරහටම යන්න... මොකද පිටිපස්ස හැරිලා බලද්දී අපි මෙච්චර දුර ඇවිල්ලා අපි මේ ලයිෆ් එකේ ෆයිට් එක අත් අරින්න හොඳ නැහැ... අපි අමාරුවෙන් හරි මැරෙන තුරාවට never give up....in the life කවුරු මොන දේ කිව්වත්... තමන්ට අපහස කළත් තමන් තමන් කවුද කියලා දන්නවා නම් ජිවිතේ ඕනී තැනකට යන්න පුළුවන්... කවදාහරි අපි ජිවිතේ පිටිපස්ස හැරිලා බලද්දී අපිට රිග්‍රේට් කරන්න දේවල් ජීවිතේ නැත්නම් ... අපි දිනුම්...

කාගෙවත් හිත රිදවන්නේ නැතිව...ඇත්තටම වෛර කරන්න එපා කාටවත්ම... වෛර කලා කියලා අපිට කිසිම දෙයක් ලබෙන්නේ නැහැ...  

මේ සොබාදහම හරිම බලවත්... ඒ ගැන විශ්වාස කරන්න...

මම තාත්තිගේ මරණයත් එක්ක හුඟාක් දේවල් තේරුම් ගත්තා.. මගේ තාත්ති හොඳින් හිටියා.. ලෙඩ වෙලා දවසයි .. දෙවෙනි දවසේ තාත්තිට අමාරු වුණා.. ඊට පස්සේ නැතිවුණා... එයා දන්නේවත් නැහැ... ජිවිතේ හරිම අස්තීරයි...

ඒ නිසා ඉන්න කාලේ ඉරිසියාවක් තරහක් නැතුව හොඳින් ඉන්න ඕනී... මම මගේ තාත්තා අහිමිවුණාට පස්සේ ජිවිතේ වෙනම තැනකින් දකින්න පටන් ගත්තා...   අපි මිනිස්සූ ... වැරදි වෙන්න පුළුවන්.. වැටෙන්න පුළුවන්... මහන්සියි කියලා හිතෙන්න පුළුවන්... ඒත්... ජීවිතේ never give up.... තමන්ගේ හීන වලට පියාඹන්න...

එහෙම කියමින් ඇය හිනා වුණා... ඒ හිනාව හරිම ලස්සන හිනාවක්...බොහෝ අත්දැකීම් වලින් ඇය ජිවිතේ කියවමින් ඉන්නවා... ඉතිං... ස්තූතියි මැණික්... මේ විදිහට අපේ කතාබහට එකතු වුණාට...
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka