gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩුබායි සැගවී සිටිමින් “කජ්ජා” ඝාතනය මෙහෙය වූ “තැඹිලි ළහිරු”ට සහ “බැකෝ සමන්” ට විවෘත වරෙන්තු නිකුත් කරයි

මිද්දෙනිය ගල්පොත්තයාය කඩේවත්ත මංසන්ධියේදී “මිද්දෙණියේ කජ්ජා” සහ ඔහුගේ පුතු හා දියණිය ඝාතනය කිරීමේ අපරාධය මෙහෙවූ බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින “තැඹිලි ලහිරු” හා “බැකෝ සමන්” යන දෙදෙනාට වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නවෝදා කෝකුහැන්නදිගේ මෙනෙවිය ඊයේ (18) දින වීවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවාය.

ඒ මිද්දෙනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහාන් වික්‍රමසේකර විසින් ත්‍රිත්ව ඝාතනයට අදාලව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැඩිදුර කරුණු වාර්තා කරමින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැලකා බැලීමෙන අනතුරුවය.

ඉකුත් මස 18 වැනි දින රාත්‍රී 10.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිය පුතු හා දියණිය ඝාතන කරවීම සඳහා ප්‍රධාන සැලසුම් සකස් කොට ඇත්තේ තැඹිළි ලහිරු හා බැකෝ සමන් බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මිද්දෙනිය කුඩගල් ආරේ පදිංචිව සිටි එදිරිසිංහ කම්කානන්ගේ ලහිරු මදුෂාන් හෙවත් “තැඹිලි ලහිරු” හා මිද්දෙනිය උලහිටියාවේ පදිංචිව සිටි නැදුන් හේවගේ නිර්මල සංජීව හෙවත් “බැකෝ සමන්” නැමති දෙදෙනාටය.

මෙම සැකකරුවන් දෙදෙනා දකුණේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේද ප්‍රබලයන් දෙදෙනෙකු වන බවත්, ඔවුන් දෙදෙනාට එරෙහිව අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ඇති බවටද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම ඝාතනයට සැක පිට ප්‍රධාන වෙඩික්කරු ඇතුලුව සැකකරුවන් 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka