ආදිවාසී නායකයෙකු නිරූපණය කරන චරිතයක් පදනම් කර ගනිමින් මේදිනවල යූ ටියුබ් ඔස්සේ සංසරණය වෙමින් පවතීන වීඩියෝවක් සම්බන්ධයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇතතන් සිය විරෝධය පළකර තිබේ.
එම නිර්මාණය හෙළාදකිමින් ඔහු පවසන්නේ, ඒ ඔස්සේ ආදිවාසී පරපුරේ සංස්කෘතිය විකෘති කර ඊට නිගාකර ඇති බවයි.
එමෙන්ම වාණිජමය පරමාර්ථයෙන් මුදල් ඉපැයීම සඳහා අදාළ වීඩියෝව නිර්මාණය කර ඇති බවට ද ආදිවාසී නායල ඌරුවරිගේ වන්නිලඇතතන් චෝදනා කරයි.
එමගින් ආදිවාසී පරපුරට සහ සංස්කෘතියට ද සිදුවන අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බව ද ඔහු පවසයි.
බ්ලොක් ඇන්ඩ් ඩිනෝ නම් ජනප්‍රිය යූටියුබ්කරුවන් දෙදෙනා මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.